සිංහල යුනිකෝඩ් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීම පිණිස ලියවෙන අන්තර්ජාල අත්පොත.
පරිගණකය හා අනෙකුත් විද්‍යුත් උපාංග කිසිවක් කිසිදු මානව භාෂාවක් නොදනී. ඒවාට මානව භාෂාවන් භාවිතයට සිදු වනුයේ ඒවා භාවිතා කරනුයේ මිනිසුන් විසින් නිසා වෙනි. ඒවා ක්‍රියා කරනුයේ විදුලිය ඇත හෝ නැත යන සංකල්පය යටතේ ය. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් තාර්කික හා ගණිතමය හැකියාවන් පමණක් පරිගණක/විද්‍යුත් උපාංග වලට ඇති බවය. විද්‍යුත් උපාංග අක්ෂර මතක තබා ගනුයේ අංකයක් ලෙස ය. යුනිකේත සම්මතයට අනුව විවිද භාෂාවන්හී අක්ෂර සඳහා අනන්‍ය වූ අංකයක් ලබාදීම සිදු කරයි.
නූතන පරිගණකයේ ආරම්භයට පෙර සිටම ඉලෙක්ට්‍රොනිකව අක්ෂර හුවමාරු කර ගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කළද ඒවා එකිනෙක අතර බොහෝ වෙනස්කම් තිබීම හේතුවෙන් නියමාකාරයෙන් ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරු කර ගැනීමට සම්මතයක අවශ්‍යතාව ඒ සමග ම පැන නැගින. ASCII ( American Standard Code for Information Interchange-1960), EBCDIC (Extended Binary Coded Decimal Interchange Code-1963) ආදී විවිධ සම්මත ඒ අනුව ගොඩනැගින. ASCII - 7 Bit සම්මතය තුල අක්ෂර 128කට ඉඩ තිබුන ද මුද්‍රණය කළ හැකි අක්ෂර 94ක් පමණක් ඊට ඇතුලත් විය. ASCII - 8 Bit සංස්කරණය තුල අක්ෂර 256 කට ඉඩ සලසා ඇත.
පැරණි ක්‍රම ඉංග්‍රීසි භාෂාව හා ඒ ආශ්‍රිතව ගොඩ නැගුනු ඒවා වීම නිසා වෙනත් භාෂාවන්හි අක්ෂර සඳහා එම සම්මතයන් භාවිතා කිරීමේදී ගැටළු රාශියක් පැනනැගුනි. ASCII සම්මතය තුල වූ සීමිත ඉඩ තුල විරාම ලකුණු ආදිය සමග වෙනත් භාෂාවන් හි අක්ෂර සියල්ල ඇතුළත් කිරීමට විවිධ ආයතන විවිධ පැලැස්තර ක්‍රම හඳුන්වා දීම නිසා තව තවත් මෙම ගැටළුව සංකීර්ණ එකක් විය.